අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට වැසි ඇති විය හැකි බවයි.
සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75)පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
කෙසේ වෙතත් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වය අද සිට තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
