News

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වව්නියාව සහමුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.