News

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහලට

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159 ක් වේ. ඒ අනුව රුපියල් 7කින් ලීටරයක මිල ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 104කි. එමෙන්ම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර ලීටරයක නව මිල රුපියල් 134 කි.