ලංකා IOC සමාගමත් අද සිට ඉන්ධන මිල පහත දමයි
ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව මුදල් අමාත්‍යාංශය සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් ද (රු164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු132) පහත දමා ඇති අතර ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනස්කමක් සිදු නොකරන බව එම සමාගම සඳහන් කරයි.
