News

අදත් දිවයින පුරා වැසි

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට හා උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ටවැඩි ඉතා තද වැසි ද ඇති විය හැකි බව හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.