News

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබද පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ ඉඹුල්පේ, වැලිගෙපොල ප්‍රදේශවලත්, කොළඹ , බදුල්ල ප්‍රධාන මාර්ගයේත්, පඹහින්න , බලංගොඩ මාර්ගයේත් කන්ඩි කඩා වැටීම් පිළිබද විමසිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේය.