News

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත් වලත්, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ප්‍රදේශවලට මිලි මීටර් 75ක් 100ක් අතර සහ උ$ව පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50ත් 75ත් අතර තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

සාලිය කුමාර ගුණසේකර