අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
උතුර, නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් පළාත්වලට අද පස්වරු 02න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළද එම තත්ත්වය පැවතිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරන අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂපාතනය ලැබී ඇත්තේ රත්නපුර, දෙතනගල ප්‍රදේශයටයි.
එමෙන්ම අනුරාධපුරට මිලිමීටර් දශම දෙකක වර්ෂාපතනයක් ඊයේ ලැබී ඇති අතර පොලොන්නරුව, මන්නාරම, වව්නියාව, යාපනය යන දිස්ත්‍රික්කවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබී නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.