අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
