අද්මිරාල් වසන්ත කරන්නාගොඩ CIDයට
අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවට මීට සුළු වේලාවකට පෙර පැමිණ ඇත.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ පරික්ෂ කටයුතු පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
මේ සම්බන්දයෙන් පසු ගිය 07වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කරමින් පැවසුවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙසයි.
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් මෙම නියෝග නිකුත්කරනු ලැබුවේය.