අධ්‍යක්ෂ මණ්ඩල නැතිව සංස්ථාවල වැඩ කොටඋඩ
ඇතැම් රජයේ සංස්ථාවලට සභාපතිවරුන් පත් කර ඇතත් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති නිසා එම ආයතන බොහෝමයක් මාසයකට වැඩි කාලයක සිට අකර්මණ්‍ය වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් වූ චක්‍ර ලේඛයක් නිකුත් කිරීම නිසා රජයේ බොහෝ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්ව ඇත.
මීට පෙර එම ආයතනවල සිටි පුද්ගලයින් යළි එම තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා ආණ්ඩුව අර්බුදයට ලක්ව සිටියි.
කැබිනට් අමාත්‍යාංශ 30ට අදාළව ඇති සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලින් තුනෙන් දෙකකට පමණ මෙම පත්කිරීම් සිදු කර නොමැත.
චමින්ද සේනාරත්න