News

අධ්‍යාපන ඇමති අකිලට නොතිසී

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතිසී නිකුත් කර ඇත.

ඒ අනුව, ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කළ බව පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සඳහන් කළේය.

අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා ඊයේ (02) ජනපති කොමිසම හමුවේ, පෙනී සිටින්නැයි, දැනුම් දී තිබුණ ද, සිය මව අසනීප බව දන්වමින් ඔහු එහි පෙනී නොසිටි බව එම කොමිසම සඳහන් කළ අතර ලබන 11 වනදා යළි කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කර ඇත.

අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට එරෙහිව කරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.