අධිකරණයට අපහස කළා යැයි කරුට එරෙහිව පෙත්සමක්
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.
නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර අද (10) පෙරවරුවේ ඔහු එම පෙත්සම ගොනුකර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර තිබෙනවා.