අනතුරට පත්වූ යාත්රාවක සිටි ධීවරයෙකුගේ මල සිරුරක් මුන්දලම මුහුදු වෙරළට
මීගමුව – ඒත්තුකාල මුහුදේදී අනතුරට පත්වූ යාත්රාවක සිටි ධීවරයෙකුගේ මල සිරුරවක් මුන්දලම – පුනපිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
පසුගිය 16 වැනිදා මෙම මල සිරුර ගොඩ ගසා තිබුණි. මිය ගොස් ඇත්තේ මීගමුව – ඒත්තුකාල පදිංචිව සිටි කුරුකුලසූරිය ඇන්ටනි සිරිමල් පෙරේරා යන අය බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනා ගෙන ඇත.
පසුගිය 14 වැනිදා මෙම ධීවරයා මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටියදී අනතුරට පත්ව ඇත.ධීවර යාත්රාවේ සිට මුහුදට වැටුණු ධීවරයා සොයා මෙහෙයුමක් දියත් කර ඇති නමුත් ඔහු හමුවී නැත.පසුව මිය ගොස් ඇති ධීවරයාගේ සිරුර පුනපිටිය වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබුණි.
මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හලාවත මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත
