අන්තරේ සිසුන්ගේ ඇප ඉල්ලීම ඉවතට
අධිකරණ නියෝග කඩ කිරිමේ චෝදනා මත අත්ඩඅංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන් විසිදෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිඛේ.
ඔවුන් මෝසමක් මගින් කර තිබු ඉල්ලීමක් මෙලෙස අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දෙනමක් ඇතුලු සරසවි සිසුන් 22 ක් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගියදා විරෝධතාවයේ නිරත වුණේ අධිකරණය ලබා දී තිබු නියෝගයට පටහැනිව කටයුතුව කරමින් . ඒ අනුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
