News

අන්තවාදය ප්‍රවර්ධනයට මුදල් සැපයූ අයෙක් මාට්ටු

මීට මාස කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය මගින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු සතු ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහුගේ ගිණුමට ලැබුණු මුදල්වලින් යම් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැරකර ඇති බවට ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු හෙළි වීමත් සමග අදාළ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.