News

අන්තවාදී ආක්‍රමනයට ලක්වු කූරගල සුදුවතින් වැසේ

කූරගල පුද බිමෙහි අද (28) මැදින් පෝය දිනයේ’ මෑත ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී පැමිණ සීල් සමාදන්ව තිබෙනු දැකගත හැකි ව තිබේ.

පසුගිය කාලවකවානු වලදී දැඩි කතා බහකට ලක්වූ අන්ත වාදී ග්‍රහණයට ලක්ව තිබූ නැගෙනහිර පුදබිම් වලින් වටිනාම බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස කූරගල පුදබිම සැලකෙයි.

මේවන විට එහි නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණය කර පෝෂණය කිරීමට ජනාධිපති කාර්‍යසාධක බලකායක් පිහිටවූවා තිබෙන බව ද වාර්තා වී ඇත.