News

Update – අත්අඩංගුවට ගත් පොලිස්පති පුජිත් ජයසුන්දරට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 


අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2017 පොලිස් මුලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
.
අත්අඩංගුවට පත් පොලිස්පතිවරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.