අනුරගෙන් පෙත්සමක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා’ දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කොමිෂන් සභාව මගින් තමන්ට එරෙහිව ගොනුකර කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (24) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය.
මේ අනූව තමන්ට එරෙහිව කොමිෂන් සභාව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වාලන. අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , අදාළ නිර්දේශ බලශූන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් අනුර කුමාර දිසානයක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
දේශපාලන පලිගැනීමේ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න , එහි සාමාජිකයන් වන චන්ද්‍රා ප්‍රනාන්දු , චන්ද්‍රා ජයතිලක , අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් මෙහි වහඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.