News

අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ 32කට ලක්ෂ 07කට අධික දඩ

පිළියන්දල , කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ යතුරුපැදිකරුවන් 32දෙනෙකු යතුරුපැදි 14ක් සමඟ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය හා මොරටුමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 30ත් අතර පුද්ගලයින් වන අතර එම පුද්ගලයින් 32දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වෙන් වෙන් වශයෙන් චෝදනා ගොණුකර නඩු පැවරීමෙන් පසු ඔවුන් සියලුදෙනා වරද පිළිගෙන ඇත.

ඒ අනුව ඉදිරිපත් කළ චෝදනා වලට අනුව වරද පිළිගත් 15දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 24500 බැගින් ද, 13දෙනෙකුට රුපියල් 21500 බැගින්ද අනික් 04දෙනාට රුපියල් 22500 බැගින්ද වශයෙන් හත් ලක්ෂ තිස් හත්දහසක සමස්ත දඩයක් නියම කර ඇත.