News

අපවත් වී වදාළ මහනාහිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත, මහා මහොපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය.

බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව’ අදාහන පූජෝත්සවය සිදුකිරීමට නියමිතව ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක දී අද (22) අලුයම 3ට පමණ උන්වහන්සේ අපවත් වු බව වාර්තා වේ. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසුව ඇත.

1933 ජනවාරි 23 දින දා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාමයේදි උපතලද උන්වහන්සේ  1948 වසරේ පැවිදි දිවියට ඇතුළත් විය.