අප්‍රේල් 02වනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක්
ලබන අප්‍රේල් මස 02දා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
රාජගිරිය සහ ඒ අවට පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙසට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාවට නැංවීමටයි තීරණය කර ඇති අතර රාජගිරිය ගුවන් පාලම ඉදි කිරමෙන් පසු ඊට සමගාමීව අතුරු මාර්ගවල ඉදි කිරීම් කටයුතු අවසන් අදියරෙහි පවතින බැවින් රාජගිරිය පසුකර කොළඹ දෙසට රථ වාහන ඇතුලුවීමේ දී ආයුර්වේද වටරවුම අසල බාධාවන් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව රාජගිරිය ගුවන් පාලම යට ඇති බස් නැවතුම වෙනුවට රාජගිරිය නගරයේ කොටා පාරේ පිහිටි බස් නැවතුම යෙදා ගැනීමට නියමිත අතර ආයුර්වේද මංසන්ධියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට කොටා පාරේ ආයුර්වේ ද රෝහල ඉදිරිපිට බස් නැවතුම යොදා ගැනීමටයි සැලසුම් කර ඇත.
මෙම රථ වාහන සැලැස්ම ලබන අගහරුවාදා සිට ක්‍රියාවට නැංවෙන බවය මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.