අප්‍රේල් අවසන් වනතෙක් ආහාර ආනයනය කරලා
කොවිඩ්-19 රෝගීන් රට තුළින් හඳුනා ගැනීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගැනීමට ජනතාව උනන්දු වී ඇතත් ලබන අප්‍රේල් මාසය අවසන් වනතෙක් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ඇති බව හතරවැනි හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සේමිත ප්‍රනාන්දු පැවසීය.
එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා මහ මැතිවරණය හේතුවෙන් කල්වේලා ඇතිව ආහාර ද්‍රව්‍ය ඇණවුම් කර තිබේ.
සුදු ලූනුවල මෙතෙක් හිඟයක් පැවතියද චීනයෙන් විශාල ප්‍රමාණයේ නැවක් පැමිණීමත් සමග සුදු ලූනු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 300 දක්වා අඩුවී ඇත. ඉන්දියාව බීලූනු ආනයනය නතර කර තිබූ තහනම ඉවත් කිරීමෙන් පසුව ප්‍රථම නෞකාව ලබන 19 දින වනවිට වරායට සේන්දු වීමට නියමිතය.
එහෙත් ශ්‍රී ලංකා රජය උඳු හා කහ ආනයනය කිරීම තහනම් කිරීම නිසා එම ද්‍රව්‍යවල යම්තාක් රට තුළ හිඟයක් ඇති බව සේමිත ප්‍රනාන්දු පැවසීය.
චමින්ද සේනාරත්න
