අපි මාර්තු ආණ්ඩුව විසිරුවා හැර අප්‍රේල් ඡන්දේ තියෙනවා – එස් බී කියයි
“ආණ්ඩුව විසුරුවා හරින්න. ඒ අය තුනෙන් දෙකේ සහාය දෙනවානම් අපිට සිංහල/ හින්දු අලුත් අවුරුද්දට කළින් නීත්‍යාණුකූලව ඡන්දය තියාගන්න පුල්වන්. ඉතින් ඒක දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ.” යැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බැව් පැවසුවේ අද(10) දින කොත්මලේ ප්‍රදේශයේ මහජන හමුවකට සහභාගී වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.
අපි මාර්තු (02) වනදා ආණ්ඩුව විසුරුවා හරිනවා. අප්‍රේල් 25 වෙනිදා ඡන්දය තියනවා. එච්චරයි. කිසි ගැටළුවක් නෑ. හැබැයි ඉතින් ඉල්ලීමක් කළේ. මේ සිංහල අලුත් අවුරුද්ද උදා වෙනකොට සිංහල/ හින්දු ජනතාවට ඡන්ද කලබලෙන් නිදහස් වෙලා අවුරුද්ද සමරන්න පුලුවන්නේ. ඒක සුහද ඉල්ලීමක්.
අපේ නාමල් මන්ත්‍රීතුමා ඒක දෙන්නේ නැත්නම් කමක් නෑ. එයාලට කියන්න දිනේ ගහල තියාගන්න කියල. අපි මාර්තු (02) වනදා ආණ්ඩුව විසුරුවා හැරලා. අප්‍රේල් (25) වෙනිදා ඡන්දය තියෙනවා.
විජිත බණ්ඩාර
