News

අපි සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රාහණය කළ යුතුයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රාහණය කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි දින තුනක කාලය තුළ පිළිතුරක් ලබාදෙන බව දෙමළ මහජන පෙරමුණ පක්ෂයේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අනතුරුව සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දෙන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසී‍මේදී හෙතෙම එලෙස පැවසුවේය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කොට තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් දෙමළ පක්ෂ නායකයින් තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.

දෙමළ ජනතාවගේ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රාහණය ලබාගන්නා තැනැත්තා බවට පත්විය යුතු අතර, එසේ නොවුනහොත් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබා ගැනීමට නොහැකි වන බවද හෙතෙම පැවසුවේය.

එබැවින් ජයග්‍රාහණය ලබාගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ නායකයින් තවදුරටත් විමසීම් සිදුකරමින් සිටින අතර, අදාළ තීරණය එළැඹෙන දින තුනක කාලය තුළදි ප්‍රකාශ කරන බවද විග්නේශ්වරන් මහතා පැවසීය.

විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු කාරණා සම්බන්ධයෙන් විමසා බැලීම සිදුකළ යුතු බවයි.

වවුනියාව – මාධව කුලසූරිය