අපි යෝජනා කළ සියලු දෙනාට නාම යෝජනා ලැබුණා-වියත් මග
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාගැනීම සඳහා වියත්මග සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින බොහෝ පිරිස් සැබෑ වියත්මග සාමාජිකයන් නොවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික ලියනහේවගේ පවසයි.
‘අරුණ’ට ප්රකාශකයක් කරමින් හෙතෙම සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට වියත්මග සංවිධානයේ සාමාජිකයන් සීමිත සංඛ්‍යාවක් පමණක් නිර්දේශ කර ඇති බවයි.
‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් නාමයෝජනා ලබා ගන්නා බොහෝ පිරිස තමන් වියත් මගේ ක්‍රියාකාරී සාමාජිකයෝ විදිහට පෙනී සිටිනවා.
නමුත් ඒ බොහෝ අය ඇත්තටම වියත්මගේ සාමාජිකයෝ නෙවෙයි. සමහර විට වියත්මගේ රැස්වීම්වලට විතරක් ආපු සාමාජික කාඩ්පත විතරක් තියෙන පිරිසුත් තමන් ක්‍රියාකාරී සාමාජිකයෝ කියලා කියනවා.
නමුත් ජනාධිපතිතුමාගේ අදහස වුණේ දේශපාලන අත්දැකීම් තියෙන කිහිපදෙනෙක් පමණක් මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ නම් කරපු සියලුදෙනාටම නාමයෝජනා ලැබිලා තියෙනවා.
මිනිස්සු අතර මතයක් තිබුණා ඉදිරි මහ මැතිවරණයට වියත්මගෙන් විශාල පිරිසක් පැමිණිය යුතුයි කියලා. ඒක තමයි දැන් ඔය කතාවක් යන්නේ වියත්මගට අවස්ථාව අඩු වුණා කියලා.
කෙසේ වෙතත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් වියත්මග ක්‍රියාකාරී සාමාජිකයන්ට ලබාදීම මගින් රාජ්‍ය පාලනයට වෘත්තිකයන් සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයා ගත් පියවර මේ වන විට සාර්ථක වී ඇතැයි ද ඒ ඔස්සේ වියත්මගට නියමිත නියෝජනයන් ලැබී ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවැසීය.
නයන තරංග ගමගේ
