අ‘පුර බන්ධනාගාරයෙන් ජංගම දුකරතන 28 ක් සොයා ගනි
අනුරාධපුර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු නොසන්සුන්කාරි තත්වය අතරතුර බන්ධනාගාරයේ ගභඩාව කඩා රැදවියන් විසින් පැහැර ගන්නා ලද ජංගම දුරකතන 28 ක් සොයා ගැනිමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවී තිඛේ.
එම ගභඩාව තුල තිබි ඇත්තේ රැදවියන් බන්ධනාගාර ගත කළ විට ඔවුන් සතුව ඇති මුදල් / රන් භාණ්ඩ / ජංගම දුරකතන සහ ඔවුන්ට අදාල ලියකියවිලියි.
මෙහි තිබු මුදල් සහ රන් භාණ්ඩ අස්ථාන ගතවි ඇති බැවින් බන්ධනාගාර නිලධාරීන් ඒවා සොයා ගැනිමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසුවේ.
හේමන්ත ලියනපතිරණ
