අපේක්ෂකයා පිළිබඳව ඉක්මනින් තීන්දුවකට එළඹීමට අවශ්‍යයි
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවකට එළැඹීමට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂඨයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.
ඊයේ (16)දින ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බව නියෝජ්‍ය නායකවරයා මෙහිදී සඳහන් කළ අතර මනුෂ්‍යත්වයේ නාමයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළැඹු ද කිසිදු දේශපාලන පක්ෂයක කොන්දේසිවලට යටත් වීමට තමා සූදානම් නොමැති බව නියෝජ්‍ය නායකයා මෙහිදී ප්‍රකාශ කළේය.
