Update – නව ජනධිපති ගෝඨාභය සිය ධුරයේ වැඩ භාරගනී
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(19) පෙරවරුවේ සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගෙන ඇත.
අභිනව ජනාධිපති ගෝඨාභය සිය ධුරයේ වැඩ භාරගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරේ
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සිය ධුරයේ වැඩ භාරගැනීමේ නිල උත්සවය මේවන විට ආරම්භ කර ඇත.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී වන අතර ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහසෑරඳුන් අභිමුව ඇති දුටුගැමුණු රජුන්ගේ පිළිරුව අභියසදී දිවුරුම් දෙනු ලැබිය.

