News

මාකඳුරේ මධුෂ් සමඟ පාතාල නායකයින් කලාකරුවන් ඇතුළු 25ක් අත්අඩංගුවට (Photos)

මාකදුරේ මදුෂ් ,කන්ජිපානි ඉම්රාන්,කෙසෙල්වත්ත දිනුක, ඇතුලු පාතාල නායකයින් කණ්ඩායම ඩුබායි ,අබුඩාබි හිදි කොටුකරගැනීමට හැකිවි ඇත්තේ ඩුබායි හි සිටින මදුෂ්ගේ දෙවැනි බිරිඳගේ දරුවාගේ උපන්දින සැමරැම් සාදයේදී බව අනාවරණය වේ.

මාකදුරේ මදුෂ් මෙම සාදය සදහා ගායක අමල් පෙරේරා ,ටෙලිනාට්‍ය නලුවෙකු වන රයන්, අමල් පෙරේරා ගේ පුත් ඇතුලු කණ්ඩායමක් ලංකාවේ සිට ගෙන්වා ගෙන ඇති අතර එම සාදය ගැන මෙරට ඔත්තු අංශ වෙත ලද තොරතුරු අනුව අබුඩාබි පොලිසිය සමඟ කල එකාබද්ධ මෙහෙයුමක් මගින් මොවුන් කොටුකරගැනීමට හැකිවි ඇත.

මෙම සාදයේදී අත් අඩංගුවට ගත් පිරිස විසිපහක් පමණ බවත් ඒ අතර ප්‍රාදේශීය දේශපාලන දෙදෙනෙකු සිටින බවට නිලනොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම සාදය මහරගම කලුතුෂාරගේ බිරිද වන මාකදුරේ මදුශ් ගේ දෙවැනි බිරිඳගේ දරුවාගේ පලමුවන අවුරුද්දේ උපන්දින සැමරැම වෙනුවෙන් සංවිධානය කර ඇත වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ කැරැල්ලේ දී මහරගම කලුතුෂාර මරණයට පත්වු පසු ඔහුගේ බිරිඳ ඩුබායි බලා ගෙන්වා ගත්තේ මාකදුරේ මධුෂ්ය.

එම උපන්දින සැමරැම් සාදය අබුඩාබි හි දි පැවැත්වෙන බව ලද තොරතුරු මත මෙම එකාබද්ධ තොරතුරු මෙහෙයුම ක්‍රියාත්මක කර අබුඩාබි පොලිසිය ලවා වැටලීම කර ඇත. මෙහිදී කෝකේන් මත්ද්‍රව්‍ය ගෑම් විස්සක් තිබි හමුවු බව පැවසේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා