News

අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප කොරෝනා අරමුදලට

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය අද(23) දිනයේ දී පළ කර තිබේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් එතුමා දන්වා සිටියි.

අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේ සේවක මණ්ඩලවල එක් දිනක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ 142 කට ආසන්න මුදලක් කොවිඩ් 19 අරමුදල වෙත පරිත්‍යාග කර ඇත.