අමාත්‍යංශ උපදේශක කාරක සභා 31කට පාර්ලිමේන්තු අනුමැතිය
මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31 කට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කළා.
එහිදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියේ, කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසයි.
මුළු රටේම ජනතාව බලාපොරොත්තු වනවා මේ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පුළුල් විදිහට ජනතාවට වගකියන ආකාරයෙන් කටයුතු කරගෙන යන්න. මාධ්‍යයට ඉඩකඩක් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගන්න. වරප්‍රසාද පනතේ ඇති අයිතයත් තහවුරු කරලා පොදු ව්‍යාපාර කාරක සභාවේ ගිණුම් කාරක සභාවේත් කටයුතු මාධ්‍යවලට ලබාදෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.