අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු
අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු පත්කර ඇති අතර එම අමාත්‍යංශ දෙක වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශ දෙකයි.
මේ අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පත්කර ඇති අතර බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා පත්කර තිබේ.
මේ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
අදාළ පත්වීම් ලිපි භාරගැනීම අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනධිපති ලේකම් ආචර්ය පී. බී. ජයසුන්දර මහතා අතින් ලිපි ලබාදීම සිදුකර ඇත.