News

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් හතළිස් අටදහසකට අධික පිරිසකට පීඩා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් සහ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා පැවසුවේ පවුල් 12,109කට අයත් සාමාජිකයින් 48,568ක සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි.

මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාව බව ද ඔහු සදහන් කළේය.

අධික වර්ෂාව සහ නායයෑම් අවදානම් හේතුවෙන් නිවාස 25ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර, නිවාස 328ක් අර්ධ ලෙස හානියට පත්ව ඇති බව චමින්ද පතිරාජ මහතා පැවසුවේය.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතිවූ නායයෑම් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා ඇති බව ද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.