අයිස් කිලෝ එකක් සමග මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු අත්අඩංගුවට
පිටිගල ප්‍රදේශයට අයිස් නමැති මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන ප්‍රධාන ජාවාරම්කරු අයිස් කිලෝ එකයි ග්‍රෑම් 30ක් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (19 වැනිදා) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි පිටිගල බොරළුහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වලාන දූෂණ මර්ධන අංශයේ උපපොලිස් පරීක්ෂක හර්ෂ බණ්ඩාරනායකට ලද තොරතුරක් මත යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ පොලිස් සැරයන් සම්පත් (63298), පොලිස් කොස්තාපල් අධිකාරී (85164), එරන්ද (78228), ප්‍රියංකර (39867), ධනුෂ්ක (93425), ජයසිංහ (93728) විසින් අත්අඩංගුවට ගත් සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සදහා පිටිගල පොලීසිය වෙත බාරදී තිබේ.
හේමන්ත ලියනපතිරණ
