අරුණි බබා සහ තෙල් චූටි හෙරොයින් සමග STF අත්අඩංගුවට
වැල්ලම්පිටිය ප්‍රදේශයේදි වසර 2කට පෙර පාතාල සමාජික චුටි උක්කුන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින කුඩු රෝෂාන්ගේ බිරිඳ වන අරුණි බබා නැමැති 30 හැවිරිදි කාන්තාව අද (27) පොලිස් විශේෂ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව මට්ටක්කුලිය සාමීපුර ප්‍රදේශයේ සිය සැමියා විසින් පත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් සිටින බවට ලද තොරතුරක් මත අද උදැසන පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරින් විසින් එම ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
එම අවස්තාවේදි මෙම සැකකරිය සතුව තිබි මත්කුඩු ග්‍රෑම් 3ක් සහ මත් ද්‍රව්‍ය විකුණා ලද මුදල් රුපියල් ලක්ෂ 10ක් තිබි පොලිස් භාරයට ගෙන තිබේ.
ඇයගෙන් කළ ප්‍රශ්න කිරම්වලදි හෙළි වු තොරතුරු අනුව එම පිරිස විසින් කුලී පදනම මත රාගම සහ කඩවත ප්‍රදේශවලින් මිල දී ගත් නිවාස දෙකක් පිලිබඳ කරුණු අනාවරණ වි ඇත.
ඒ අනුව සිදු කළ සොදෙසි මෙහෙයුම්වලදි කඩවත නිවසේ සිට තවත් සැකකරුවෙකු අත්අඩංගුට ගෙන ඇත.
මෙම පුද්ගලයා තෙල් චුටී නොහොත් මඩුවන්ගේ ගෙදර සාලින්ද ධර්මසිරි රණසිංහ යන අය බව හදුනාගෙන ඇති අතර ඔහු මානුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වු පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සතුව තිබි හෙරෝයින් ග්‍රෑම් 2ක් , අයිස් නැමැති මත් කුඩු මිලි ග්‍රෑම් 100ක් සහ රුලියල් ලක්ෂ 7ක් පොලිස් බාරයට ගෙන ඇත.