News

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR පරීක්ෂණ

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR පරීක්ෂණ

අලුත් අවුරුදු සඳහා ගම්බිම්බලා යන ජනතාව ඉලක්ක කරගෙන අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ඊයේ (01 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ​ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සඳහන් කළේය.

එසේම අහඹු වශයෙන් සමාජය තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම පැවසීය.

 

වරුණි පෙරමුණ