අවුරුදු 15 ට වැඩි සැමට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පතක්
සියලුම පුරවැසියන්ට සියලු දත්ත ඇතුළත් විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත්, එය සෑම වසරකම යාවත්කාලීන කළ යුතු බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ. වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට මෙලෙස හැඳුනුම්පත් නිකුත් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.
මෑත කාලීනව ලොව පුරා රටවල් ගණනාවක් ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (ඊ. අයි. ඩී. කාඩ්) හඳුන්වා දී තිබෙන බවද ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් වෙයි.
ඉෂාර රත්නකාර