News

අසාම් බී.බී.සී. සිංහල සේවයෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයක් පැවැත්වීමේ සිදුවීම හේතුවෙන් බී.බී.සී. සිංහල පුවත් සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත්ව තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රන්ජන් රාමනායක සහ අසාම් අමීන් අතර පැවැති දුරකථන සංවාදයක හඬපටයක් ජනවාරි මස19 වන දින සිංහලේ සංවිධානය විසින් මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබුවේය.

මෙම සිදුවීමත් සමග අසාම් අමීන් විසින් සිදුකළ ඉල්ලා අස්වීම බී.බී.සී. ආයතනය විසින් පිළිගෙන තිබේ.

අසාම් අමීන් පසුගිය ජනවාරි මස 01 වැනිදා සිට බී.බී.සී. සේවයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව සිදුකර ඇති නමුත් එම ආයතනය අදාළ ඉල්ලීම පිළිනොගත් බවට තොරතුරු වාර්තා වේ.