අසිරිමත් නත්තල්දා ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්
මෙවර නත්තල් දිනයේදී ගිනිකෙළි හේතුවෙන් අනතුරුවලට ලක්ව කිසිදු රෝගියෙක් ජාතික රෝහලට ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරනවා.
රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය සඳහන් කළේ ඊයේ දිනට යෙදී තිබූ නත්තල් දිනයදා ගිනිකෙළි අනතුරුවලට ලක්ව රෝහලට රෝගියෙකු නොපැමිණි පළමු අවස්ථාවද මෙය බවයි.
කෙසේ වෙතත් ඊයේ (25) සහ පෙරේදා (24) යන දෙදින තුළ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 546දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් තිබෙනවා.
නමුත් පසුගිය වසරට සාපේක්ෂව මෙය 18% ක වර්ධනය වීමක් බවද පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය වැඩිදුරටත් පවසා සිටියා.