News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන අතර අද පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව අද ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.