News

ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු යලිත් වෙනස් කෙරේ

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.

ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ(09) දින අදාළ පත්විම් සිදු කර ඇත.