ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් කළුතර සිට කොළඹට පෙළපාළියක්
රට අරාජික කළ ආණ්ඩුව පළවා හරින ‘‘වීදි බසින පාද සටන’’ නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාළිය හා රැලිය ජූලි 7 හා 8 දිනයන්හිදී පැවැත්වේ.
කළුතරින් 7 වැනිදා ආරම්භ වන පෙළපාළියේ එදින මොරටුවේදී අවසන් කර පසුදින එතැන් සිට නුගේගොඩ දක්වා පැමිණ විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුමේ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පැවසීය.
ආණ්ඩුවට එරෙහිව එම පක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ජූලි 10 හා 11 දින පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර ඇත.
