News

ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක

ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක

මෙරටට ගෙන්වන ලද පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තහවුරු කරයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර ශ්‍රී ලංකා රේගුව විසින් නැවත හරවා යවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

රේගුව විසින් මෙම පොල්තෙල් තොග ගුදම්වල තබා ගන්නා ලෙස දැනුම් දී තිබිය දී යම් ආයතනයක් ඊට පරිබාහිරව කටයුතු කර නිෂ්පාදන ක්‍රියාවලියට ගෙන තිබේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.