ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 5 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර නියෝග කළා.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට අධිකරණය මහහැර සිටීමට ආධාර ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.