News

ආරක්ෂක ලේකම් උතුරු පළාතේ සංචාරයක

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද(17) උතුරු පළාතේ සංචාරයකට එක්විණ.

උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීම හා වර්තමානයේ උතුරු පළාතේ ආරක්ෂක තත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා උතුරු පළාතේ සංචාරයේ නිරතවන බව ආරක්ෂක අංශ සාමාජිකයින් පවසති.

කොරෝනා වසංගත තත්වය හමුවේ දින ගණනාවක් වසා දමා ඇති යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ තත්වය,උතුරු පළාතේ ආරක්ෂක අංශ සාමාජිකයින් තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම හා නව වසර වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට සුභ පැතීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළ බවද ආරක්ෂක අංශ පැවසූහ.

යාපනය ප්‍රදේශයේ සංචාරයෙන් අනතුරුව අද(17) සවස වන්නි ආරක්ෂක අංශ සාමාජිකයින් සමඟ සාකච්ජාවක් පැවැත්වීමටද ආරක්ෂක ලේකම්වරයා කටයුතු සංවිධානය කොට ඇත.

 

මාධව කුලසූරිය