ආරක්ෂක හා ජනමාධ්‍ය ඇමැති රුවන් ස්වාධීන රූපවාහිනියට STF ආරක්ෂාව ඉල්ලයි
ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දන්වා යවා ඇත.
මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධව එම ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් පියවර ගෙන ඇත.
රටේ ආරක්ෂාව සඳහා පොදුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය අද (14 වැනිදා) සිට යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ‘අරුණ’ කළ විමසුමකදී පැවසීය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
