News

ආවා කල්ලි සාමාජිකයින් සොයා යාපනයේ සාදයක් වටලයි

යාපනය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිදුකළ වැටලීමකදී පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිඛේ.

ආවා කල්ලියට සම්බන්ධ සැකකරුවන් පිරිසක් යාපනය මරදනාමඩම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක උපන් දින සාදයක් පවත්වන බවට යාපනය යුධ හමුදා නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බව චුන්නාකම් පොලිසිය පැවසීය.

පරීක්ෂාවට ලක්කළ සැකකරුවන් අතරින් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රශ්න කිරිම් වෙනුවෙන් චුන්නාකම් පොලිසිය වෙත රැගෙන ගොස් තිඛේ.

ඔවුන් ආවා කල්ලිය සමග සබඳතා පවත්වන්නේ ද යන්න පිළිබද මෙහිදී විමර්ශනය කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ. ආවා කල්ලිය විසින් යාපනය ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකර ඇති බව ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබුණා.