News

ආසාදිත සිසුවකු නිසා පාසලක 05 වසර පන්තිය වසා දැමේ

කොවිඩ් ආසාදිත සිසුවකු හඳුනාගැනීම නිසා නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු අද (15) තාවකාලිකව නවතා දමා තිබේ.

එම ආසාදිත සිසුවා සම්බන්ධයෙන් ඊයේ (14) දින තහවුරු වී තිබුණි.

හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රීදරන් මහතා සඳහන් කරන පරිදි පාසලේ 05 වසර අධ්‍යන කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව එළඹෙන 22වන දින දක්වා නවතා දමා ඇත.

ආසාදිත සිසුවා’ නොර්වුඩ් ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පුස්ථකාලයේ පුස්තකාලාදිපතිනියගේ පුත්‍රයා වන බවත් ආසාදනය වී තිබෙන බවට හඳුනාගත් ඒම මව සහ දරුවා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමුකළ බවත් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා මහතා පැවසිය.

අසාදිත සිසුවාගේ සමීප ආශ්‍රිත සිසු සිසුවියන් අද (15) දින PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.