News

ආහාර පනතේ නීති කඩ කළ හෝටල් කළමනාකරුවන්ට වැඩ වැරදේ

ආහාර පනත උල්ලංඝනය කිරිමේ චෝදනාවලට වැරදි කරුවන් වූ හෝටල් දෙදෙක කළමණා කරුවන් දෙදෙනකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000 ක දඩ නියමකර තිබේ.

අදාළ දඩ නියම කිරීම ඊයේ (04) සිදුව ඇති අතර එම හෝටල් දෙක මිහිරිපැන්න සහ උණවටුන ප්‍රදේශයේ හෝටල් දෙකක් වනවා.

කුකුල් අසුචි තැවරුණ බිත්තර ආහාර පිළියෙළ කිරීම සඳහා යොදාගැනීම සහ පිසූ ආහාර මැස්සන්ට නිරාවරණය වන පරිදි ගබඩා කර තැබීම යන චෝදනාවලට එක් හෝටල් කළමනාකරුවකුට රු.10,000 ක් ද, අනෙක් කළමනාකරුට පියන් නොමැති කසළ බදුන් විවෘතව තැබීම, කල් ඉකුත් වූ චොකලට් ගබඩා කර තැබීම යන චෝදනාවලට රු.10,000 ක් ද දඩ වශයෙන් නියම කර ඇත.

හබරාදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.